දින දින සමරමු බැති පෙමිනී
කහටරුප්ප මහ විදුහල් මෑණී //
දරු දැරි අපහට යහමග පෙන්වා
නැණ ඇස පාදා සෙනෙහස පාලා
අපහට මතු දියුණට ඇත දිලා
නිරතුරු බැබළේ ඔබ ලක් අඹරේ
දින දින සමරමු බැති පෙමිනී
කහටරුප්ප මහ විදුහල් මෑණී //
කඳු රැළි අතරේ සිහිලැල් පවනේ
මිණි පහනක් ලෙස සැමදා ඌවේ //
ලැබ සුභ ආසිරි ජය හඩ මැද් දේ
ඔබෙ නම සුදිළේවා
කිතුගොස පැ තිරෙවා //
දින දින සමරමු බැති පෙමිනී
කහටරුප්ප මහ විදුහල් මෑණී //